ඊශ්‍රායල ඉතිහාසයේ වඩාත්ම ආගමික හා දැඩි මතධාරී රජය ලෙසින් බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ අගමැති ලෙස තෙවන වරටත් ඊයේ (29)දිවුරුම් දුන්නේය.
ඒ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් පසුව එරට ඉතිහාසයේ වඩාත්ම දක්ෂිණාංශික ආණ්ඩුව පත්කරමින්ය.
ඡන්ද 120 න් 63 ක් ලබාගත් නෙතන්යාහු නව රජය පත්වී මිනිත්තු කිහිපයකින් දිවුරුම් දී ඇත.
සාමය හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නෙතන්යාහු එහිදී පොරොන්දු වී තිබේ.