Home විදේශීය පුවත් තුර්කි භූ කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 8,000ට ආසන්න වෙයි – මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් !

තුර්කි භූ කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 8,000ට ආසන්න වෙයි – මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් !

by Free News
0 comment

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 8,000ට ආසන්න වෙමින් පවිතන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනය හේතුවෙන් සිරියාවේ මේවන විට මියගිය සංඛ්‍යාව 1,800ක් වන අතර තුර්කියේ මියගිය සංඛ්‍යාව 5,400කි.

7,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති නමුත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට විශ්වාස කෙරේ.

පසුගිය සඳුදා සිදු වූ ප්‍රබග භූමිකම්පා දෙකකින් පසු දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ දිවි ගලවා ගත් අය සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටි. පළමු කම්පනය රික්ටර් පරිමාණ 7.8 ක අගයක් ගත් අතර ඉන් පසුව 7.5 ක ප්‍රබල කම්පනයක් සමඟ පසුකම්පන රැසක් ඇති විය.

මෙක්සිකෝව විසින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් 16දෙනෙකු ඇතුළු කණ්ඩයමක් තුර්කිය වෙත පිටත්කර යවා ඇතැයි ද සදහන් කෙරේ.

මෙම තත්ත්වය මත මාස 03ක හදිසි තත්ත්වයක් තුර්කි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට රටවල් 70කින් සහනාධාර මෙන්ම සහන සේවා කණ්ඩායම් යොමුකර ඇති බව සඳහන්ය.

 

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital