Home දේශපාලනය තීරණාත්මක කරුණු කිහිපයක් විවාදයට ගැනෙන පාර්ලිමේන්තු සැසිය අද සිට

තීරණාත්මක කරුණු කිහිපයක් විවාදයට ගැනෙන පාර්ලිමේන්තු සැසිය අද සිට

by Free News
0 comment

මැයි මස පළමු පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ලබන 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය හෙට දිනයේ පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වනදා පැවැත්වීමට නියමිතයි. නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ලබන 12 වැනිදා විවාදයට ගැනෙනවා.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීම අද දිනයේ පමණක් සිදු කෙරෙන අතර ඒ සදහා පෙරවරු 9.30 – පෙ.ව. 10.30 දක්වා කාලය වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු පැවසුවේ.

අද පෙරවරු 10.30 සිට ප.ව. 5.00 දක්වා, අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 8ක්, ආනයන හා අපනයන (පාලන) පනතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග විවාද කිරීමට නියමිතයි.

මැයි 10 බදාදා පෙරවරු 9.30 සිට ප.ව. 6.00 දක්වා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවති පක්‍ෂ නායකයින්ගේ රැස්වීමේදී තීරණය වී ඇත්තේ

මැයි 11 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මැයි මස 12 වැනි සිකුරාදා පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති අස්වැසුම නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමට නියමිතයි.

 

 

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital