Home දේශීය පුවත් තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට !

තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට !

by Free News
0 comment

තිරිඟු පිටි සහ සීනි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි, එම සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

මීට පෙර සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 ක් වූ අතර එහි නව මිල රුපියල් 250 කි.

ලෝක වෙළඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම නිසා සීනි මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි ආනයනකරුවන් පවසන්නේ.

මේ අතර, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, තිරිගු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210 ක් දක්වා ඉහළ යන බවයි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ.

කෙසේ වෙතත් ඊයේ (07) දිනයේ දී තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත්කළ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, මේ බදු සහනය ඉවත් කිරීම තුලින් කිසිසේත්ම මිල වැඩිවීමක් සිදු නොවන බවයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital