Home දේශීය පුවත් තාත්තා මාව බලෙන් මහණ කරනවා කිව්වා – එප්පාවල අතුරුදහන් වූ දරුවා පොලීසියට කී කතාව මෙන්න

තාත්තා මාව බලෙන් මහණ කරනවා කිව්වා – එප්පාවල අතුරුදහන් වූ දරුවා පොලීසියට කී කතාව මෙන්න

by Free News
0 comment

එප්පාවල – කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේදී අතුරුදහන් වූ නව හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ – ජෝන්ස්ලන් වතුයායේ නිවසක සිටියදී එප්පාවල පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (24) සොයාගනු ලැබුවා.

දරුවා ළඟින් ඇසුරුකළ විදුලි කාර්මික ශිල්පයාගේ මිතුරෙකුගේ නිවසක සිටියදී මෙලෙස හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

ඒ අනුව විදුලි කාර්මිකයා එහි සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 19 වනදා රාත්‍රියේ සිට අදාළ සිසුවා අතුරුදහන් වූ බවට මව විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම පොලිස් විමර්ශන ආරම්භ කළා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දරුවා පැවදි කිරීම සඳහා සුදානම් වීම හේතුවෙන් ඔහු නිවසින් පිටව ගොස් ඇති බවයි.

අදාළ විදුලි කාර්මිකයා මෙම දරුවාට බොහෝසේ ආදරය කර ඇති අතර ඔහු නිවස බලා ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මෙම දරුවාද බලෙන් අදාළ ත්‍රිරෝද රථයට ගොඩව තිබෙනවා.

ඉන්පසුව මෙම විදුලි කාර්මිකයා ඔහුගේ මිතුරෙකුගේ නිවසකට රැගෙන විත් ඇත්තේ දරුවාගේ කැමැත්ත අනුවයි.

පියා යුද හමුදාවේ සේවය කරන අයෙක් බවත් පියා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසු තාම මහණ කරන බව දරුවා පොලීසිය සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී ප්‍රකාශ කර තිබෙනවා.

එම නිසා ඇති වූ බියෙන් තමන් මෙම පුද්ගලයා සමඟ ගිය බව එම දරුවා පොලීසියට සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දරුවා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ නැවත නිවසට පැමිණීමට අකමැති බවයි.

අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital