ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කළද, ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණයක් ගෙන ඇති නමුත් ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.
එය මගියාගේ ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ කුලී රථ සේවාව වෙනුවෙන් එම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ.
පෙට්‍රල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමෙන් පසු පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන බවත්, ප්‍රවාහනය පහසු කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ භාවිත කරන මගීන්ට එය සෘජුවම බලපාන බවත් ඔහු සඳහන් කළා.
බදු ඉහළ දැමීමත් සමඟ ත්‍රිරෝද රථ රියදුරන් තම වාහන අලුත්වැඩියා කර නඩත්තු කර ගැනීමට අපහසුතා රැසකට මුහුණ පා සිටින බව ද ඔහු අවධාරණය කළා.