සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නොයෙල් දසන්ත ස්ටීවන් මහතා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බවට තහවුරු වීම හේතුවෙන්.
නොයෙල් දසන්ත ස්ටීවන් මහතාට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිලධාරියෙක් විමර්ශනයක් කර තිබෙනවා.
එම විමර්ශන වාර්තාව අනුව, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට එල්ලවූ සියලු චෝදනාවලට ඔහු වැරදිකරු වී ඇති බව සබරගමුව ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.