Home දේශීය පුවත් තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10ක් දිවයිනට

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10ක් දිවයිනට

by Free News
0 comment

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ(20) රාත්‍රි කොළඹ වාරයට ළඟා වී ඇත.

ඒවායේ සාම්පල අද(21) සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

මේ අතර, පසුගිය 15 වැනිදා දිවයිනට ළඟා වූ බිත්තර තොගයේ සාම්පල ඊයේ දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන තිබේ.

එහි වාර්තා තවත් දින 04කින් ලැබීමට නියමිතය.

මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර ප්‍රමාණය මිලියන 05 කි.

එම බිත්තර රුපියල් 35ක මිලකට මහා පරිමාණ බේකරි හිමියන්ට හා හෝටල් හිමියන්ට අඛණ්ඩව නිකුත් කරන බවද ඔහු පැවසීය.

මේ අතර , බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනයක් ඊයේ(20) නිකුත් කෙරිණ.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital