කාන්තාවන් සඳහා තෘතීයික අධ්‍යාපනය අත්හිටුවන බව තලේබාන් පරිපාලනය මෑතකදී නිවේදනය කළේය.
එම ප්‍රකාශයෙන් පසුව ඇෆ්ගනිස්තානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
පසුගිය අඟහරුවාදා රටේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශ්වවිද්‍යාල වෙත ලිපියක් යවමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
එහෙත් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය තලේබාන් පරිපාලනයෙන් ඉල්ලා සිටියේ වහාම තීරණය ආපසු හැරවිය යුතු බවයි.