Home දේශීය පුවත් තරුණ විද්‍යාඥයාගේ මරණයට වැඩපරීක්ෂක රිමාන්ඩ්

තරුණ විද්‍යාඥයාගේ මරණයට වැඩපරීක්ෂක රිමාන්ඩ්

by Free News
0 comment

ගෝනපල කුඹුක නැඟෙනහිර පදිංචිව සිටි තරුණ විද්‍යාඥයාගේ මරණය නොසැලකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැඩ පරීක්ෂකවරයා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

එලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ප්‍රසිද්ධ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක වැඩ පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන යක්කල ප්‍රදේශයේ පදිංචි දිමුතු දයාල් ලොරෙන්සුහේවා යන අයයි.

තෙමස් වියැති තම කුලුඳුල් දරුවාගේ කිරි දානමය පින්කමට අවශ්‍ය නෙලුම් මල් රැගෙන ඒම සඳහා ගොස් නිවස කරා පැමිණෙමින් සිටි නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර (37) මහතා පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය ගෝනපොල කුඹුක හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ මැදට වන්නට ආලෝකය නොදල්වා මාර්ග බාධක දමා අනාරක්ෂිත ලෙස දමා තිබූ අවශේෂ කොටස් තොගයක් මතින් ධාවනය වීම හේතුවෙන් මෙම මාරක අනතුර සිදු වූ බවට සිදුකළ විමර්ශනවලදී පැහැදිලිව අනාවරණය වූ බව පවසමින් මොරගහහේන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද මහතා අධිකරණයට කරුණු දැක්වීය.

ප්‍රධාන පෙළේ දුරකතන සමාගමක ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන අදාළ සමාගම නිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් දරුවකුට පියෙක් සහ බිරියට සැමියෙක් අහිමි වූ බව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වීය. නොසැලිකිලිමත් ක්‍රියාවකින් පුද්ගල මරණයක් සිදු කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සැකකාර වැඩ පරීක්ෂකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital