කළුතර දකුණ ප්‍රදේශයේ ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයකට තරුණයෙකු සමඟ පැමිණි තරුණියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ තිබියදී ඊයෙ(06) සවස් කාලයේ සොයාගෙන තිබේ.
කළුතර දකුණ පොලීසිය කියා සිටියේ මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් බවයි.
මියගිය තරුණිය තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ ඊයේ සවස අදාළ හෝටලයට පැමිණ කාමර දෙකක් කුලියට ගෙන රැදී සිට ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුව ඉන් එක් කාන්තාවක් සහ පුරුෂයෙක් හෝටලයෙන් පිටව ගොස් ඇති අතර පසුව මරණකාරිය සමඟ සිටි පුද්ගලයාද හෝටලයෙන් පිටව ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
අනතුරුව මෙලෙස හෝටලය පිටුපස මළ සිරුර දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී හමුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
16 හැවිරිදි දැරිය සමඟ සිටි තරුණයා සොයා පුළුල් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කළුතර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.