ඩොලර් අර්බුදය හේතුවෙන් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසයි.
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් මෙම අශ්වයින්ට ලබාදෙන ආහාර ආනයනය කිරීම අපහසු වීමත් සමග දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව, පසුගිය මාස තුනක කාලයේදී අශ්වයින්ට කොල්ලු, කඩල, මුං ඇට සහ බඩඉරිගු වැනි දේශීය ආහාර ලබාදීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව මේ වන විට මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේය.
අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේ විදෙස් රටවලින් ආනයනය කරන ආහාර වර්ග නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමව තුළ මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් අඩුවී තිබූ අතර ඔවුන් කෘෂ වීමට පටන් ගත් බවය.