Home දේශීය පුවත් ට්‍රක් රථවල සැඟවී රුමේනියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් මාට්ටු

ට්‍රක් රථවල සැඟවී රුමේනියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් මාට්ටු

by Free News
0 comment

නීතිවිරෝධී අන්දමින් රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු රුමේනියානු දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රෙදිපිළි සහ ලෝහ කූරු පටවාගත් භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරිමේදී එහි සැඟවී සිටියදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

ඉන් එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනෙකු සොයාගෙන තිබේ.

අනෙක් ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවද වාර්තාවී ඇත. ඔවුන් අවුරුදු 21ත් 42ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන් වේ.

මින් එක් ට්‍රක් රථයක් රුමේනියානු ජාතිකයෙකු විසින් පදවා ඇතැයි ද සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද එරට පොලීසිය සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital