ජාතික වෙසක් සතිය අදින්(02) ආරම්භ වේ.
වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මෙවර වෙසක් පෝය මැයි මස 05වැනිදාට යෙදී ඇති අතර ලබන 08වැනිදා දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වේ.
මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එම කටයුතු සංවිධාන කරනු ලැබේ.
එසේම දන්සල් පැවැත්විම, සැරසිලි කිරිම,බුදු රුව හා බුදු රුව යොදා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මේ වන විටත් ලබා දි ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පැවසීය. එසේම කිසිදු විටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි. එලෙස සැරසිලි කිරිමට අවශ්‍ය නම්,කහ පැහැති කොඩියක් භාවිත කරන ලෙස ද පැවසිය.