Home විදේශීය පුවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියමින් TikTok තහනම් කිරීමේ සූදානමක්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියමින් TikTok තහනම් කිරීමේ සූදානමක්

by Free News
0 comment

 

එක්සත් ජනපද නීති සම්පාදකයින් අමෙරිකාව තුළ TikTok යෙදුම තහනම් කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ, සිය රටේ ජාතික ආරක්ෂාව මෙම යෙදුම හරහා තර්ජනයකට මුහුණ පා ඇති බවය.

රිපබ්ලිකන් සෙනෙට් සභික මාර්කෝ රුබියෝ මෙම යෙදුම තහනම් කිරීමට අදාළ නීති සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර චීන තාක්ෂණික දැවැන්තයෙකු වන ByteDance සමාගමට එරෙහිව එක්සත් ජනපදය ද්විපාර්ශ්වික පනතක් මගින් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව ලෙස ජාත්‍යාන්තර මාධ්‍ය මෙය පෙන්වා දී තිබේ.

FBI ප්‍රධානියා පසුගිය මස කළ අනාවරණය වූයේ, චීනයට මෙම යෙදුම භාවිත කරමින් සිය පරිශීලකයින්ගේ ඉලෙක්ට්‍රෝනික මෙවලම් පාලනය කළ හැකි බවයි.

අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්ත මෙම යෙදුම රාජ්‍ය උපාංග වලින් ඉවත් කර ඇති අතර කෙසේ වෙතත් මෙම පනත හේතුවෙන් දිගු කාලීන ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බවද විචාරකයින් පෙන්වා දී තිබේ.

මිලියන 100කට අධික අමෙරිකානු Tik tok පරිශීලකයින් කියාපාන්නේ, මෙය අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලනික අභිප්‍රේරණ තහනමක් මිස මෙය රාජ්‍ය ආරක්ෂාව සඳහා කළ යමක් නොවන බවයි.

මෙම යෙදුම සම්බන්ධව අදහස් පල කරමින් වොෂිංටනයේ පිහිටි උපායමාර්ගික හා අන්තර්ජාතික ආයතන සාමාජිකාවක ප්‍රකාශ කර ඇත්තේ,මෙම දේශපාලනික ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාව හා චීනය අතර සම්බන්ධතාවය පළුදු වීමට ඉඩ ඇති බවයි.

එසේම පෞද්ගලිකත්ව දෘෂ්ටි කෝණයකින්, TikTok වැනි සමාගමක් ක්‍රියාත්මක වීම වැලැක්වීමෙන් හිඩැස් වැසීමක් සිදු නොවන බවත්, තවත් බොහෝ වෙබ් අඩවි සමාන තොරතුරු රැස් කරන බව ද ඇය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට TikTok තහනම් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව වැනි රටවල ද යම් කතිකාවක් ඇති වී අතර තායිවානය ද මෑතකදී එය පොදු උපාංගවලින් තහනම් කිරීමට පියවර ගත්තේය. එසේම 2020 වසරේදී මිලිටරි ආරවුලක් මුල්කරගෙන ඉන්දියාව ද මෙම යෙදුම අවහිර කළේය.

අමෙරිකානු හිටපු ජනපති ට්‍රම්ප්ගේ විධායක නියෝගයකින් එක්සත් ජනපදය තුළ මෙම යෙදවුම download කිරීම තහනම් වූවද පසුව අමෙරිකානු විනිසුරුවන් එම පියවරට විරුද්ධ වූ අතර අදාළ විධායක තහනම බලාත්මක නොවිණි.

කෙසේ වෙතත් මෙම Tik tok තහනම පිළිබඳව මේ වන විට ජාත්‍යාන්තරයේ දැඩි කතාබහක් මතු වී තිබේ.

 

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital