Home දේශීය පුවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් 11ක් විශ‍්‍රාම යයි

ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් 11ක් විශ‍්‍රාම යයි

by Free News
0 comment

ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු අද සිට විශ‍්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

පොලිස් මූලස්ථානය ස`දහන් කළේ, නියමිත වයස සම්පූර්ණ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු එලෙස විශ‍්‍රාම ගන්නා බවයි.

මෙලෙස විශ‍්‍රාම යන පිරිස අතර ශ‍්‍රී ලංකා පොලීසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ. ප‍්‍රනාන්දු යන මහත්වරුන් වනවා.

මීට අමතරව ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔගස්ටස් පෙරේරා, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.යූ. විජිත ගුණරත්න, ප‍්‍රජා පොලිස් සහ ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර යන නිලධාරින් ද විශ‍්‍රාම ගැනීමට නියමිතයි.

එමෙන්ම කෑගල්ල දිසාව භාර චම්පික සිරිවර්ධන, බදුල්ල දිසාව භාර කිත්සිරි ජයලාල් අපෝන්සු, කළුතර දිසාව භාර එස්.ඞී.එස්.පී. සන්දනායක, නුවරඑළිය දිසාව භාර එච්.එස්.එන්. පීරිස් සහ බස්නාහිර උතුරු අපරාධ දිසාව භාර ප‍්‍රිෂාන්ත ජයකොඩි යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද විශ‍්‍රාමයාමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital