Home දේශීය පුවත් ජල ගාස්තුවත් වැඩිවෙයි ?

ජල ගාස්තුවත් වැඩිවෙයි ?

by Free News
0 comment

ජල ගාස්තුවද ළගදීම ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය.

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළගදීම ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවන බවත්, ඊට ප්‍රධානතම හේතුව බොහෝ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් බවද හෙතම කීය.

මාතලේ නගර ශාලාවේදී ඊයේ(19) පැවැති ජනහමුවකදී අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා මේ බව පැවැසීය. එහෙදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“රටේ විදුලිය ගාස්තු වැඩි වෙලා. ඒ නිසා ළගදීම ජල ගාස්තුත් වැඩි වේවී. මොකද බොහෝ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලය උපයෝගි කරගෙනයි. මේ නිසා ජලසම්පාදන කටයුතුවල වියදම් වැඩි වෙලා තියෙන්නේ. එම නිසා අකමැත්තෙන් වුවද ජල ගාස්තුවත් ළගදීම වැඩි කරන්න සිදු වේවී.

පවතින තත්ත්තවය තුළ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවය අපිට වැටහෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සුර්ය බලයෙන් ජල සම්පාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැළැසුම් සකස් කරනවා. එමගින් පිරිවැය අඩුවෙනවා. ඊට පසු ජල ගාස්තුවද අඩු කළ හැකියි.

රට තුල අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් බාධවකින් තොරව නොමිලේ ලබාදීමට නම් රජයට ආදායම් අවශ්‍යයි. එවැනි අර්බුධ නිසා බදු වැඩි කරන්න සිදුව තිබෙනවා. එබැවින් රට සහ අනාගත පරපුර වෙනුවෙන් නියමිත කාලසීමාව තුල ඉවසීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. රටේ වත්මන් තත්ත්වය තිරසාර නැතත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ අඩු කිරීමට රජය පියවර ගන්නවා.

රුපියල් 1000 වැටුප් වැඩිවීමෙන් පසුව වෘත්තීය සමිගි හා වතු සමාගම් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. එහෙම ගැටුම් ඇති කරගෙන ගමනක් යන්න බැහැ. හවුල් ගිවිසුමකට එනවා යයි කියන සමාගම් පිටු පස්සෙන් වෙන දෙයක් කරනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙනවා. අපි සමාගම්වලට රජය සමග සාකච්ඡා කොට වතු කම්කරුවන්ට සාධාරණ වැටුප් ගෙවීමට අවස්ථාවක් ලබා දෙනවා.

සමාගම් මෙම අවස්ථාව මග හැරියොත් අපි අනිවාර්යෙන්ම වැටුප් නියම කිරීමේ සභාවට යනවා. රුපියල් 2000 සිට 2500 දක්වා වතු කම්කරු වැටුප වැඩි කිරීමට පියවර ගන්නවා.

ලංකා කම්කරු කොංග්‍රසය මැතිවරණවලට බිය නැහැ. ඒත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය පළාත් පාලන මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒකෙන් පමණයි රටේ වෙනසක් ඇති කරන්න පුළුවන්” වන්නේ යයි කීය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital