Home දේශපාලනය ජනපති රනිල් ලබන සතියේ ඉන්දියාවට යයි

ජනපති රනිල් ලබන සතියේ ඉන්දියාවට යයි

by Free News
0 comment

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ඉන්දියාවේ දී පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගීවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්”(Voice of Global South Summit) සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙන්ම බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු සහභාගීවීමට නියමිත බව එම වාර්තාවල දැක්වේ.

ජනවාරි 12 සිට 13 දක්වා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 120කට වැඩි ගණනකට ආරාධනා කර ඇත. මෙම සමුළුවේ රාජ්‍ය නායකයින් සහ රජයේ ප්‍රධානීන් සඳහා සැසිවාර දෙකක් පැවැත්වෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දීය විදේශ ලේකම්වරයා පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවකදී කියා සිටියේ “හඬේ එකමුතුව, අරමුණේ එකමුතුකම” යන තේමාවෙන් යුතුව මෙම සමුළුව පැවැත්වෙන බවයි. එහි දී ගෝලීය දකුණේ රටවල් ඔවුන්ගේ ඉදිරි දර්ශන සහ ප්‍රමුඛතා බෙදා ගැනීමට පොදු වේදිකාවකට ගෙන එන බව සදහන් කළේය.

රුසියා-යුක්රේන ගැටුම, කොවිඩ් වසංගතය, ආහාර, ඉන්ධන, පොහොරවල ගෝලීය මිල ඉහළ යාම මධ්‍යයේ ගැටළු රාශියකට රටවල් මුහුණ දී තිබේ.

සමුලුව සැසි 10 කින් සමන්විත වන අතර, ආරම්භක සහ අවසන් නායකයින්ගේ සැසිය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් සහ ඉතිරි සැසි 08 අමාත්‍ය මට්ටමින් පැවැත්වේ. ජනවාරි 12 වැනිදා සැසි හතරක් ද ජනවාරි 13 වැනිදා සැසි හයක් ද පැවැත්වේ.

අමාත්‍ය මණ්ඩල සැසිවාර මුදල්, පරිසර, විදේශ, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙළෙඳ මට්ටමින් පැවැත්වේ. සමාරම්භක නායකයින්ගේ සැසියේ තේමාව “ගෝලීය දකුණේ හඬ – මානව කේන්ද්‍රීය සංවර්ධනය සඳහා” වන අතර අවසාන නායකයින්ගේ සැසියේ තේමාව වන්නේ “හඬේ එකමුතුකම – අරමුණේ එකමුතුකම” යන්නයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital