Home දේශපාලනය ජනපති ජාතිය අමතද්දි නිවාස අසළ විතරක් රතිඤ්ඤා දාන්න – එජාප නියෝජිතයන්ට දැනුම්දීමක්

ජනපති ජාතිය අමතද්දි නිවාස අසළ විතරක් රතිඤ්ඤා දාන්න – එජාප නියෝජිතයන්ට දැනුම්දීමක්

by Free News
0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) ජාතිය අමතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල සම්බන්ධයෙන් ප්‍රකාශකරන අවස්ථාවේදී රතිඤ්ඤා දල්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සියලුම සංවිධායකවරුන් හට, බලයලත් නියෝජිතවරුන් හට, පළාත් පාලන අපේක්ෂකයන් හා සියලුම ක්‍රියාකාරීන් වෙත මෙම දැනුම්දීම අද (21) උදෑසන ලිඛිතව ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ වයඹ පලාත භාර නිලධාරිනී ප්‍රියංකා ගුණතිලක මහත්මිය විසින්.

ජනාධිපතිවරයාගේ කතාව මාධ්‍ය මගින් ප්‍රචාරය වන අවස්ථාවේදී තම නිවෙස්වල පමණක් රතිඤ්ඤා දැල්වීමට සූදානමින් සිටින්නැයි අදාළ නිවේදනයේ සදහන්.

කෙසේවෙතත් අදාළ රතිඤ්ඤා දැල්වීම නගර මධ්‍යයේ, ප්‍රධාන ස්ථානවල හෝ මංසන්ධිවල සිදුනොකරන ලෙසද පාක්ෂිකයන් දැනුවත් කර තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital