Home දේශීය පුවත් ජනපති අරමුදලේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී අරඹයි

ජනපති අරමුදලේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී අරඹයි

by Free News
0 comment

ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ආශිර්වාද පළ කරමින් පිරිත් සජ්ජායනයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් අද(03) එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පිරිස පංච ශීලයේ පිහිටුවා සිදු කළ කෙටි අනුශාසනාවෙන් අනතුරුව පිරිත් සජ්ජායනය ආරම්භ වූහ.

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර සඳහා ජනාධිපති අරමුදලින් පිරිනමන මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත මෙහිදී සාගල රත්නායක මහතා විසින් පිළිගන්වනු ලැබීය.

ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය සිදු කරන ලද කැපවීම අගය කරමින් එම අංශයේ සියලුම නිලධාරීන් වෙත ප්‍රශංසා ලිපි ලබා දීම ද මෙහිදී සිදු කෙරිණ.

2023 වසරේ ජනාධිපති අරමුදලෙන් සැපයෙන සේවාවන් වඩා විධිමත් සහ පුළුල් කිරීමට මෙන්ම කාර්යක්ෂම සේවාවක් මහජනතාව වෙනුවෙන් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබේ.

පූජ්‍ය පල්ලේගම රතනසාර ස්වාමීන් වහන්සේ ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර යන මහත්වරුන් සහ ජනාධිපති කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital