Home දේශපාලනය ඡන්ද විමසීම මාර්තු 03වැනිදා ප්‍රකාශ කරයි !

ඡන්ද විමසීම මාර්තු 03වැනිදා ප්‍රකාශ කරයි !

by Free News
0 comment

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9වැනිදා ඡන්ද විමසීම නොපැවැත්වෙන බවයි.

එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට මැදිහත් වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම ඉල්ලීම සමඟ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව කළ ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ද කථානායකවරයාට ලබාදීමට නියමිතය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital