Home දේශපාලනය ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

by Free News
0 comment

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මෙවර ඡන්ද පත්‍රිකා එක්කෝටි 70000ක් පමණ මුද්‍රණය කිරීමට අපේක්ෂා කර ඇති බවයි.

පළාත් පාලන ආයතන 339කට අදාළව මෙවර ඡන්ද විමසීම එළැඹෙන මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සහ කල්මුණේ නගර සභාව සඳහා මෙවර ඡන්ද විමසීම සිදු කරන්නේ නැහැ.

මේ අතර පළාත් පාලන ආයතන 339කට අදාළව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමලේඛණ සියල්ල මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 22, 23 සහ 24 යන දිනයන්හි දී සිදුකිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital