පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාග කිරීම මැයි මස 11 වැනිදා තෙක් කල් තැබුණි.
රටතුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ් එම් ආර් විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සම අද පස්වරුවේ එස් තුරෙයිරාජා, ඒ එච් එම් ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
පෙත්සම පසුගිය 10වැනිදා කැදවු අවස්ථාවේ වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මුලික විරෝධතාවයක් මතු කරමින් අදාළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලීමක් සිදුකළේය.