Home දේශීය පුවත් ඡන්දය කල්දැමීම ගැන ඇමරිකා සෙනෙට් සභිකයාගේ දැඩි විරෝධය

ඡන්දය කල්දැමීම ගැන ඇමරිකා සෙනෙට් සභිකයාගේ දැඩි විරෝධය

by Free News
0 comment

මාර්තු 09වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ඇමරිකානු සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබද කමිටුවේ සභාපති බොබ් මෙමෙන්ඩේස් [Bob Menendez] සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.

ජනතාවගේ හඩ උදුරා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවිරෝධී බවත් එය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ඔහු පවසයි.

එබැවින් තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව ඔහු ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.
පලාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බ්ලූම්බර්ග් සගරාව පළකර තිබෙන ලිපියකට ප්‍රතිචාර දක්වමින් සෙනෙට් සභික බොබ් මෙමෙන්ඩේස් මේ බව ප්‍රකාශ කර තිබේ.

මීට පෙරද සෙනට් සභික මොබ් මෙමෙන්ඩේස් [Bob Menendez] ලංකාව සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.

රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව – අරගලය දියත්ව තිබුණු සමයේ දී – රාජපක්ෂවරු ජනතා දේපළ සොරා කා පොහොසතුන් වී ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකරන ලද්දේද ඔහු විසිනි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital