චීනය රජය මඟින් රුපියල් බිලියන 05ක් වටිනා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය වන රෙදිපිළි තොගයක් ශ්‍රී ලාංකික සිසුන් සඳහා පරිත්‍යාග කර ඇත.
එම පරිත්‍යාගය 2023 දී මුළු රටේම පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70%ක් සපුරාලනු ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සදහන් කරයි.
රෙදි මීටර් තිස්ලක්ෂ දොළොස්දහස් පන්සිය අනූ හයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර එම රෙදි තොගයෙන් පළමු කොටස නැව්ගත කර ඇත.
එම නිළ ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස රැගත් නෞකාව ලබන ජනවාරි 6 වන දා කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතය.
කොළඹ සිට යාපනයට ඇති දුර මෙන් දස ගුණයක පමණ රෙදි තොගයක් මෙරට සිසුන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් ඒ පිළිබඳ ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.