චීනයේ බීජිං අගනුවර රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්නෙන් තවත් පුද්ගලයින් 70 ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (18) සවස 01ට පමණ එම ගින්න ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවට ගිනි නිවන අංශ වෙත චෝදනා එල්ල වී තිබේ.
ගින්න පැතිරෙමින් තිබු අවස්ථාවේ සමහර පුද්ගලයින් ඇඳ ඇතිරිලි භාවිතයෙන් ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඒ අනුව, මෙම ගිනි ගැනීම පිළිබඳව චීන බලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ගින්න මෑතකාලීනය බීජිං හි වඩාත්ම මාරාන්තික ගිනි ගැනීමේ සිද්ධියක් ලෙස සැලකේ.