Home දේශීය පුවත් චීනයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් බෙදාහැරීම ඇරඹෙයි !

චීනයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් බෙදාහැරීම ඇරඹෙයි !

by Free News
0 comment

චීන රජය විසින් මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට සහන සැලසීම සඳහා ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ආරම්භ කෙරේ.

ඒ අනුව මේ වනවිට අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ ව තිබෙන කිළිනොච්චි දිස්ත්‍රික්කය සඳහා පළමුව ඉන්ධන බෙදාහැරීමට පියවර ගෙන ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්. අබේරත්න මහතා පැවසීය.

මහ කන්නය මැද දී මෙම ඉන්ධන තොග චීන රජය විසින් ලබා දුන්නද, ඒ වනවිටත් ගොවිතැන් කටයුතු ඇතැම් දිස්ත්‍රික්කවල අවසන් ව තිබු නිසා අස්වැන්න නෙළන අවස්ථාවේ දී මෙම ඉන්ධන තොග ගොවි ජනතාව වෙත නොමිලයේ ම ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

චීන රජය විසින් පරිත්‍යාග කරන ලද මෙම ඉන්ධන තොගය අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා ( හෙක්ටෙයාර් 01) වගා කරන වී ගොවීන් සදහා හෙක්ටෙයාර් එකකට ලීටර් 15ක් බැගින් නොමිලයේ ලබා දීමට පියවර ගෙන තිබේ.

අස්වනු නෙළන ආකාරයට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ගොවීන් වෙත මෙම ඉන්ධන සැපයීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම ඉන්ධනලාභීන් වෙත නිකුත් කරනු ලබන වවුචරයක් මගින් ඔවුන්ට අදාල ඉන්ධන ප්‍රමාණය අදාල පිරවුම්හල්වලින් ලබා ගැනීමට පහසුකම් සළසා තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital