ලබන මාසයේ පැවැත්වීමට නියමිත චාල්ස් රජු රාජාභිෂේකයට ආරාධනා පත් 2000කට අධික ප්‍රමාණයක් ඉදිරි දින දෙක තුළ යැවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඊයේ (05) දිනයේ රාජකීය පවුල තුන්වන චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ රාජාභිෂේකය සඳහා ආරාධනය පත් නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
මෙම උත්සවය ලබන මස 6 වන දා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
එම ආරාධනයපත්වල කැමිලා පාකර්-බෝල්ස්ගේ නව තනතුර ලෙස ”රැජින” යන නාමය ද භාවිත කර තිබීම විශේෂත්වයක්.
එම ආරාධනාපත්‍රයේ නව පාලනය සැමරීම සඳහා වසන්තයේ සහ නැවත ඉපදීම සංකේතවත් කරන අතර බ්‍රිතාන්‍ය ජනප්‍රවාදයේ පැරණි චරිතයක් වන හරිත මිනිසාගේ ආකෘතීන් දක්වා ඇති බව සඳහන්