හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පස් දෙනකු ඊයේ (26) අලුයම අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.
මේ පිරිස අතර හිටපු ජනාධිපතිවරයාගේ බිරිය අයෝමා රාජපක්ෂ, පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී. රාජපක්ෂ සහ මිනිබිරිය සිටිති.
මේ පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-649 දරන ගුවන් යානයෙන් ඊයේ (26) අලුයම 2.55ට ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ඩුබායි හරහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ. මේ පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට නියමිත බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
කටුනායක ගුවන්තොටුපොළ සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ.