ඊයේ (දෙසැ. 26) අලුයම් කාලයේ සිය පවුල සමග විදෙස්ගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින බව වාර්තා වේ.
ඒ අනුව, ඩුබායිහි සිට යුරෝපා රටකට යාම සදහා හිටපු ජනාධිපතිවරයා මේ වනවිට උත්සාහ දරමින් සිටින බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙරට මාධ්‍ය ඊයේ වාර්තා කොට තිබුණේ හිටපු ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයින් සමග එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් අමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට අමෙරිකානු වීසා ලැබී නොමැති බවට ද මේ වන තොරතුරු වාර්තා වේ.
ඒ අනුව තවත් දින 9ක් හිටපු ජනාධිපතිවරයා ඩුබායිහි රැදී සිටින බව දැනගන්නට ඇත.