Home දේශීය පුවත් ගෝඨාගෙන් ප්‍රකාශයක් ගන්න – කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

ගෝඨාගෙන් ප්‍රකාශයක් ගන්න – කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

by Free News
0 comment
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

2022 වසරේ ජුලි 09 වැනිදා අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් මිලියන 17.5 සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ අපරාධ කොට්ඨාසයට අද(13)නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙතෙක් එම මුදල්වලට අදාළව ප්‍රකාශ ලබාගෙන නැති බවට නීතිඥවරුන් කළ දැනුම්දීමකට අනුවයි.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් මේ බව සදහන් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැති බවයි.

ප්‍රකාශ ගැනීමට අත්අඩංගුවට ගැනීමේ නියෝග ලබාදීමට අවශ්‍ය නැති බවද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital