කොළඹ, තුරඟ තරග ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (ජන. 17) දහවල් සොයා ගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියකි.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක බවට අනාවරණය වී ඇත.
තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල අද දහවල් 1.30 පමණ සැක කටයුතු ලෙස වැටී සිටි තරුණියක දැක ඒ බව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ වැටී සිටි තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
එම තරුණියගේ ගෙළ ප්‍රදේශයේ කිසියම් කැපුම් තුවාලයක් දක්නට තිබී ඇති අතර රෝහල්ගත කළ තරුණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බව ය.
තරුණිය වැටී සිටි ස්ථානයේ තිබී අත් බෑගයක් සහ ජංගම දුරකතනයක් හමුවී ඇති බව ද පොලිසිය පැවසීය.
සිද්ධියට සම්බන්ධ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය ළඟ තිබී හමු වූ ජංගම දුරකතනය හා අවට ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කොට පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.