ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වු 72 වන සංවත්සරය 2023 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන ගුවන් හමුදා මුලස්ථානයේදි අභිමානවත් අයුරින් සැමරිම අද (02) සිදු විය.
ශ්‍රී ලංකාව තුළ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වු අතර ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස පත්විමෙන් අනතුරුව 1972 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි. ලක් අඔර සුරකින්නට “සුරකිමු ලකඹර” උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 72 ක් තම මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.
විජයග්‍රාහි මානුෂිය මෙහෙයුමේදි යුධ ජයග්‍රහන ලබා ගැනිම සදහා නිරතුරු ගුවන් සහය ලබා දෙමින් සතුරු ඉලක්ක විනාශ කිරිම සදහා සක්‍රීය දායකත්වය ලබාදුන් ශ්‍රී ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකිනවා සේම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාව මුදවා ගැනිමේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු ඉටුකිරිම සදහා ද සුවිශේෂී දායකත්වයක් දක්වමින් මානුෂිය මෙන්ම නව තාක්ෂණ දැනුම හා වෘත්තිමය පරිණත භාවය මෙන්ම විනය ගරුක බවින් ද පරිපූර්ණව අභිමානවත් හමුදාවක් ලෙස තම කාර්යයන් නිසි ලෙස ඉටුකරන ලදි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ගුවන් හමුදාධිපතිවරුවන් 18 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ වසර 72 ක් ශ්‍රී ලාංකීය ලකඹර සුරකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් ඉටු කලා සේම ඉදිරියටත් අප මාතෘ භූමිය සුරක්ෂිත කිරිම සදහා තම මෙහෙවර ඉටු කිරිමට සූදානමිනව සිටියි.