ගිරිඋල්ල, කෙලින් වීදිය ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
ඊයේ(13) සවස් කාලයේ දී මෙම හදිසි ගින්න ඇතිව තිබෙන බව ගිරිඋල්ල පොලීසිය පවසයි.
ගින්න හේතුවෙන් එම වෙළෙඳසැලේ තිබු සියලුම වර්ගයේ ගිනිකෙළි තොඟ විනාශ වී තිබේ. දෙපස තිබූ වෙළෙඳසැල් දෙකක දේපළවලට ද හානි සිදුව ඇත.
ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.