ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර තුළ දී ඉකුත් 21වැනිදා ටී-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 120ක් අස්ථානගතවීම පිළිබදව ගල්කිස්ස පොලිසිය වෙත ගුවන් හමුදාව විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.
අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් ගුවන් හමුදාව විසින් ද ආරම්භ කර තිබේ.
එම විමර්ශන වලින් අණාවරනය වු තොරතුරුවලට අනූව රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙකු විසින් මෙම ගිනි අවිය පැහැරගත් බවත් එම ගිනි අවිය හොරණ අගුරුවාතොට ප්‍රදේශයේ වෙල්යායක සගවා ඇති බවටත් එම සැරයන්වරයා විසින් විමර්ෂකයන් හට පාපොච්චාරණය කර ඇත.
අනතුරුව ගල්කිස්ස පොලිසිය මගින් සැකකාර සැරයන්වරයා ගිනි අවිය සහ ජීව උණ්ඩ සගවා ඇති ස්ථානයට රැගෙන ගිය අතර එහිදි ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලිසි විසින් සොයාගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ගල්කිස්ස පොලිසිය විසින් සැකකාර සැරයන්වරයා සමග ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.