Home දේශීය පුවත් ගවයින් අතර පැතිර යන රෝගය ගැන දැනුම් දීමක්

ගවයින් අතර පැතිර යන රෝගය ගැන දැනුම් දීමක්

by Free News
0 comment

උතුරු මැද පළාතේ ගවයින් අතර පවතින Lumpy Skin Disease රෝගය පාලනය සඳහා පශු අංශ විසින් ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශයෙන් ඉල්ලීමක් කරයි.

දැනට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ව්‍යාප්ත වී තිබෙන ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය හෙවත් ගව Lumpy Skin Disease රෝගය පාලනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (23) පශු අංශය බාර නිලධාරින්ගෙන් කරුණු විමසනු ලැබීය.

මින් පෙර උතුරු පළාතේ ව්‍යාප්තව තිබු මෙම රෝග තත්ත්වය මේ වනවිට එම පළාතේ පාලනය වී තිබේ. නමුත් උතුරු මැද පළාතේ එම රෝග තත්ත්වයට ලක් වූ ගවයින් උතුරු මැද පළාතට නොගෙනන ලෙස පළාත් පශු අංශ ගොවීන්ට දැනුම් දී තිබුනත් උතුරු මැද පළාතේ ගොවින් එම උපදෙස් නොසළකා හැර කටයුතු කිරීම නිසා මෙම රෝග තත්ත්වය එම පළාතේ ව්‍යාප්තවීමට හේතු වූ බව පශු අංශ අනාවරණය කරයි.

එමෙන්ම මෙම රෝග තත්ත්වය වර්ධනයවීමට හා ව්‍යාප්ත වීමට හේතුව ගවයින් අතර පවතින සමීප සම්බන්ධතාවය Direct Contact ඉහළ යාම නිසා බව පශු අංශ පවසයි. විශේෂයෙන් තණකොළ බුදීම සඳහා සතුන් වැව් පිටිවලට හා කුඹුරුවලට නිදහස් කිරීම වැනි හේතුන් නිසා සතුන් අතර සමීප සම්බන්ධතාවය ඉහළ යාම මෙම රෝගය ව්‍යාප්තියට පුබල ලෙස බලපායි.

Capripox නැමැති වෛරසය හේතුවෙන් මෙම රෝගය හට ගන්නා අතර කිණිතුල්ලන්, මැක්කන් හා ලේ උරාබොන වෙනත් කුඩා සතුන් නිසා සතුන් අතර ඉක්මනින් මෙම වෛරස රෝගය පැතිරීමට හැකියාව තිබේ.

විශේෂයෙන් මෙම රෝග තත්ත්වය නිසා ගවයින් තුළ හට ගන්නා මානසික ව්‍යාකුලතාවය නිසා එම සතුන්ගේ කිරි නිපදවීමේ හැකියාව අඩාල වේ.

මෙම රෝගය සති දෙකක් වැනි කාලයක් තුළ සුවපත් වන අතර ගවයින් මියයාමට ඇති ඉඩකඩ බොහෝ අල්පය. නමුත් කිරි නිෂ්පාදනයේ අඩාල වීමක් සිදු වන බැවින් රෝගි තත්ත්වයට ලක් වූ සතුන් අනෙකුත් නිරෝගි සතුන්ගෙන් වෙන් කර තබා ගැනීමට හැකි නම් බොහෝ දුරට මෙම රෝගය ව්‍යාප්තිය පාලනය කර ගත හැකිය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital