Home දේශීය පුවත් ගතවූ මාස හතරට වි‌දෙස් කතුන් 13කට මෙරටදී ලිංගික හිරිහැර !

ගතවූ මාස හතරට වි‌දෙස් කතුන් 13කට මෙරටදී ලිංගික හිරිහැර !

by Free News
0 comment

මෙම වසරේ ගතවූ මාස හතර ඇතුළත මෙරටට පැමිණි විදේශ සංචාරකයන්ගෙන් එකසිය දහතුන් දෙනෙකු තමන්ට මෙරටදී අත්විඳින්නට සිදුවූ ලිංගික අඩත්තේට්ටම්, මංකොල්ලකෑම්, සොරකම්, පහරදීම් හා වංචාවන් සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

මෙයින් බහුතරයක් දකුණු පළාතේදී මෙම අත්දැකීම්වලට මුහුණ පා තිබේ.

මේ අතරින් පැමිණිලි හැට පහක්ම සොරකම් හා කොල්ලකෑම් සම්බන්ධවය. ඉන් විසි දෙනකුම යුරෝපා ජාතිකයන්ය. තවත් විසි එක් දෙනෙකු රුසියානුවන්ය. ඇමරිකන් ජාතිකයන් හය දෙනෙකුද මෙම පිරිසට අයත්ය. මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මහමගදී හා හෝටල් කාමරවලදී කොල්ලකෑමට ලක්ව ඇත.

මෙම මාස හතරට මෙරට තුළදී ශ්‍රී ලාංකිකයන්ගේ අතින් දූෂණයට හා ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වූ විදේශික කාන්තාවන් හා තරුණියන් ගණන දහතුන් දෙනෙකි. ඉන් නව දෙනෙකුම යුරෝපා ජාතික කාන්තාවන්ය. රුසියානු තරුණියන් දෙදෙනකු ජපාන තරුණියකද තමන්ට වූ අතවරයන් ගැන පොලිසියට පැමිණිලි කර ඇත.

තවත් විදේශිකයන් දහ තුන් දෙනෙකු පහරදීම්, තුවාල සිදු කිරීම් හා බැණ තර්ජනය කිරීම් සම්බන්ධව පැමිණිලි කර තිබේ.

සංචාර අතරේ තමන්ව රවටා සිදු කළ වංචාවන් හා විවිධ ජාවාරම් සම්බන්ධව පැමිණිලි විස්සකට අධික ප්‍රමාණයක්ද ලැබී ඇත.

මෙරට සංචාරක ආදායම් ඉහළ දමමින් ජනවාරි මාසේ පමණක් විදේශිකයන් එක්ලක්ෂ දෙදහස් පන්සිය හතළිස් පහක්ද (102,545) පෙබරවාරියේ එක්ලක්ෂ හත්දහස් හයසිය තිස් නවයක්ද (107,639) මාර්තු මාසයේ සංචාරකයන් එක් ලක්ෂ විසි පන්දහස් හාරසිය අනූ පහක් (125,495) මෙරටට පැමිණ ඇත.

කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි ඉහළට නැංවීමත් සමග වසරේ ගත වූ මුල් මාස දෙකේ ඇමරිකන් ඩොලර් මිලියන 330ක් දක්වා සංචාරක ආදායම උපයාගෙන ඇත.

සංචාරක මණ්ඩලයේ බලධාරීන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන තහවුරු කිරීම සඳහා දැඩි විනයක් ඇති අණපනත් සැකසීම ඇතුළු යෝජනා රැසක් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා බුද්ධි ප්‍රධානීන් යෝජනා කර ඇතත් එය ක්‍රියාවට නංවා නොමැති බව හෙළිවී ඇත.

දැඩි විනයක් සහිත අණපනත් ගෙනවිත් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර සංචාරක පොලිසිය සක්‍රිය තත්ත්වයට නොගෙනආවහොත් නුදුරේදීම මෙරට සංචාරක ව්‍යාපාරයටත් කණ කොකා හඬලනු ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital