භාණ්ඩ මිලදීගෙන මුදල් නැති ගිණුමකින් චෙක්පතක් ලබාදී රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් එම වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයකු පෙරේදා (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 මැසෙන්ජර් වීදියේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මෙම ව්‍යාපාරිකයා ව්‍යාපාර කටයුතු කිරීම සඳහා භාණ්ඩ මිලදී ගෙන මුදල් නැති ගිණුමකින් ලබාදී ඇත්තේ රුපියල් 12,780,000ක චෙක්පතකි. මෙම චෙක්පත භාණ්ඩ විකුණුම්කරු ලබාගෙන ඇත්තේ විශ්වාසය මත බවත් පසුව අනාවරණය වී ඇත්තේ මුදල් නැති ගිණුමකින් මෙම චෙක්පත ලබා දී තිබෙන බවත් යැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.