බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැලවත්ත ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවෙසක පිහිණුම් තටාකයේ තිබි මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පසුගිය 2වන දා සොයා ගැනුනා. ඔහු ප්‍රකට රෙදි පිළි අලෙවිසැල් ජාලයක හිමිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව කදාන පොලිසිය මගින් මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු 27 හැවිරිදි වියේ පසුවන්නෙක් බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරු නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ පදංචිකරුවෙකු බවයි මුලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ.