කොළඹ සංචාරක හෝටල් සහ ඒවාට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා විසින් එම හෝටල්වල ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ සංචාරක හෝටල්හි ආරක්ෂක ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි.
මේ සමඟම ඉදිරියේ දී සංචාරක හෝටල්වලට ඇතිවය හැකි ගැටළුවලට පිළියම් යොදන ලෙසද ඔහු උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී වර්ථමානයේ සංචාරක හෝටල් සහ සංචාරකයන් මුහුණ දෙන ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.