Home දේශීය පුවත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

by Free News
0 comment

75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු පැවැත්වීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

අද (28),හෙට(29) මෙන්ම ලබන මස 01 වනදා දෙවනදා හා තුන්වනදා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකය.

ඒ අනුව උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය පවසයි. ඇතැම් මාර්ග වසා දැමෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය දැනුම් දේ.

ඒ අනුව ගාලු මුවදොර මැදපාර,ගාලුමුවදොර වටරවුමේ සිට එන්එස්ඒ වටරවුම දක්වා සහ චෛත්‍ය පාර ප්‍රදේශය කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට සහ කොල්ලුපිටිය දුම්රියපොල පාර වෙත ඇතුළුවීමට සීමා පනවා තිබේ.

ඒ ඇතුළු තවත් මාර්ග කිහිපයකම රථවාහන ගමනාගමනයට සීමා පනවා ඇති බව පොලීසිය නිවේදනය කරයි. එම මාර්ග භාවිත කරන පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් පරිදි ගමන් කිරීම සඳහා අවස්ථාව සළසා දී තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital