Home දේශීය පුවත් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ පාරට බසිති !

කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ පාරට බසිති !

by Free News
0 comment

ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (09) දහවල් විරෝධතාවක නිරත වූහ.

‘විදුලි ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු’, දුන් පොරොන්දු කෝ, වැටුප් ගැටලු වාහා විසඳනු’ සහ ‘ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු’ ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ විරෝධය දැක්වූහ.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක පිරිස් ද අද (09) දහවල් උද්ඝෝෂණයක් ඇරැඹුහ.

උද්ඝෝෂකයෝ විශ්වවිද්‍යාල භූමියේ සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පිවිස කොළඹ නුවර ප්‍රධාන මාර්ගය දෙපස කෑ කෝ ගසමින් විරෝධතාවයෙහි නියැලි සිටිති.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital