Home දේශීය පුවත් කොළඹ මාර්ගයක් ගිලා බසී – රථවාහන ගමනාගමනයට බාධා !

කොළඹ මාර්ගයක් ගිලා බසී – රථවාහන ගමනාගමනයට බාධා !

by Free News
0 comment

මරදාන පොලිස් වසමේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මරදාන පොලිස් වසමේ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දෙසට ඇති මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

අද (09) දින පෙරවරුවේ සිට අලුත්වැඩියා කිරීම් කටයුතු සිදු කරනු ලබන බැවින් එම මාර්ගයේ වාහන තදබදයක් ඇති විය හැකි අතර අලුත්වැඩියා කටයුතු අවසන් වනතුරු හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කොළඹ රථවාහන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital