Home විදේශීය පුවත් කොන්ක්‍රීට් වළක සිරවූ දරුවෙක් බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක්

කොන්ක්‍රීට් වළක සිරවූ දරුවෙක් බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක්

by Free News
0 comment

වියට්නාමයේ වැඩ බිමක ගැඹුරු වලක් තුළ සිරව සිටින අවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙකු බේරා ගැනීමට මේ වනවිට ජීවිතාරක්‍ෂකයින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ලී හාව් නාම් නැමති දරුවා මිතුරන් පිරිසක් සමඟ එම වැඩබිමෙහි අබලි යකඩ එකතු කිරීමේ නිරතව සිටියදී සෙන්ටිමීටර් 25ක පමණ විශ්කම්භයකින් යුතු කුහර කොන්ක්‍රීට් කුඩා වළකට ඇදවැටී ඇත. මීටර් 35 ක් පමණ ගැඹුරකින් එම වළ සමන්විත වේ.

දොඹකර සහ කැණීම් යන්ත්‍ර මගින් ගොඩ එසවීමට ගත් උත්සාහය මේ වන විට අසාර්ථක වී ඇති අතර ජීවිතාරක්‍ෂකයින්ට දරුවා සිරවී සිටින ස්ථානය තීරණය කිරීමට තවමත් නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත‍.

මීට දින දෙකකට පෙර එම දරුවා අඩන ශබ්දය ඇසී ඇති අතර මේ වනවිට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව සහන කණ්ඩායම් පවසයි. එමවලට සමගාමීව කැනීම් කටයුතු සිදුකෙරෙන අතර ඒ හරහා දරුවා බේරා ගැනීමට සහන කණ්ඩායම් බලාපොරොත්තු වේ.

ඔහුට අවශ්‍ය ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදුකෙරෙන බව සදහන් වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital