Home විදේශීය පුවත් කෙනෙහිලිකම් ගැන තව පොතකට කරුණු තියෙනවා – හැරී කුමරු කියයි

කෙනෙහිලිකම් ගැන තව පොතකට කරුණු තියෙනවා – හැරී කුමරු කියයි

by Free News
0 comment

බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ පොත් දෙකකට ප්‍රමාණවත් විමතිය දනවනසුලු කරුණු තමා සතුව පවතින බව පසුගියදා ආන්දෝලනාත්මක කෘතියක් එළිදැක්වූ හැරී කුමරු ප්‍රකාශ කර තිබේ.

සිය කෘතියට ඒ සියලු කරුණු ඇතුළත් නොකළ බවත්, එසේ කළේ නම් චාල්ස් පිය රජු සහ සොහොයුරු විලියම් කුමරු තමාට කිසිදා සමාව නොදෙනු ඇතැයි ද හැරී කුමරු සඳහන් කර ඇත.

පසුගිය සතියේ එළිදැක් වූ ඔහුගේ Spare කෘතිය බ්‍රිතාන්‍ය සාහිත්‍ය ඉතිහාසයේ මෙතෙක් වේගයෙන්ම අලෙවි වූ ප්‍රබන්ධයක් නොවන කෘතිය බවට පත් වූ අතර, එය දැනටමත් බ්‍රිතාන්‍ය රජ පවුල සෑහෙන තරමින් අපකීර්තියට පත් කර ඇතැයි ද වාර්තා වේ.

සිය කෘතිය නිකුත් කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හැරී කුමරු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හෙළිදරවු නොකළ තවත් සිදුවීම් හා කරුණු රාශියක් ඇති බවය. එහෙත් ඒවා ලොවට අනාවරණය කිරීමට තමාට අවශ්‍ය නැති බවත් හැරී කුමරු පවසා ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital