Home Life Style කෘතහස්ත සිනමාවේදිනි සුමිත්‍රා අද දැයෙන් සමු ගනී !

කෘතහස්ත සිනමාවේදිනි සුමිත්‍රා අද දැයෙන් සමු ගනී !

by Free News
0 comment

අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදිනි, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) සවස 4.00ට කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී සිදු කෙරේ.

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අමිල දායකත්වයක් දෙමින් දෙස්-විදෙස් සම්මානයට පාත්‍ර වූ ඇය මෙරට ප්‍රථම කාන්තා චිත්‍රපට සංස්කාරකවරිය හා සහාය අධ්‍යක්ෂවරියද වූවාය.

මෙරට මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ ‘සංදේශය‘ චිත්‍රපටයේ සහාය සංස්කාරකවරිය ලෙස සිනමා කර්මාන්තයට එක් වූ එම මහත්මිය සිනමා අධ්‍යක්ෂවරියක ලෙස මෙරට සිනමාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් සිදු කළාය.

කලක් ප්‍රංශයේ තානාපති ධුරයද හෙබවූ ඇය සරසවිය, ජනාධිපති, සිග්නීස්, විචාරක ආදි දේශීය සම්මාන උලෙළ සහ ලන්ඩන් සිනමා උලෙළ, ටෝකියෝ සිනමා උලෙළ, මොස්කව් ජාත්‍යන්තර සිනමා උලෙළ ආදි විදෙස් සිනමා උලෙළ රැසකදීද සම්මානයට පාත්‍ර වුණා.

සුවිශේෂ මානවවාදි දර්ශනයක් ඔස්සේ ස්ත්‍රිත්වයද මුල් කොටගත් විශිෂ්ට සිනමාකරණයක නිරත වූ ඇය මෙරට සිනමාවේ ප්‍රවර්ධනයට ඉටු කළ මෙහෙවර සදානුස්මරණීයයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital