Home දේශපාලනය කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවත් කරයි

කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවත් කරයි

by Free News
0 comment

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුකාරවරයා විසින් ඊයේ(21) නිකුත් කර ඇත.

ඒ අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

තුෂාර සංජීව විතාරණ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් රැසක් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital