Home දේශීය පුවත් කිරිපිටි මිලේ වෙනසක්

කිරිපිටි මිලේ වෙනසක්

by Free News
0 comment

ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුකිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවය.

අප්‍රේල් මස පළමුවැනි දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කෙරුණි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඊයේ පැවැති සාකච්ඡාවලදී පළවූ එකඟතා අනුව කිරිපිටි මිල අඩුවන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම්දෙන බව ආනයනකරුවන් සදහන් කළ බවය.

ඒ අනුව මැයි මාසයේ සිට යළි ආනයනික කිරිපිටි මිල අඩුවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital