කැළණියේ ශිෂ්‍ය විරෝධතාවකට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර – 06 ක් අත්අඩංගුවට
කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගය කැළණිය ප‍්‍රදේශයෙන් අවහිර කරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ(19) රාත්‍රියේ සිදුකළ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කළා.
එහි දී භික්ෂුන් වහන්සේ සිව් දෙනෙකු ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.
අත්අඩංගුවේ පසුවන කැළණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැලූම් මුදන්නායක හා ශිෂ්‍ය ක්‍රියාකාරික දිල්ශාන් හර්ෂණ යන දෙදෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වුණා.
කිරිබත්ගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.