හය වන වරටත් ලෝක T20 ක්‍රිකට් කිරුළ තමන් සතු කරගන්නට මෙග් ලැනින් ප්‍රමුඛ ප්‍රභල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වුනා.
කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් පිටියේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.
ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ බෙත් මූනි නොදැවී පන්දු 53 කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමග ලකුණු 74ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 137ක් පමණයි. අප්‍රිකාව වෙනුවෙන් ලෝරා වොල්වර්ඩ් ලකුණු 61ක් ලබා ගත් නමුත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.